FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට ටෙස්‌ට්‌ ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලකුණූ අහිමී වෙයි..

දකුණු අප්‍රිකාව කණ්ඩායම සමග පැවැති ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය 3-0 ක්‌ ලෙස පරාජයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව කණ්ඩායමට නවතම ජාත්‍යන්තර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු හතරක්‌ අහිමි වී තිබේ.

එ අනුව මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 96 ක්‌ ලබා සිටි අතර තරගාවලියෙන් අනතුරුව එම සංඛයාව ලකුණු 92 ත් දක්වා ලකුණු 04 කින් පහත වැටි තිබේ.

කෙසේ වෙතත් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සිටි හත්වැනි ස්‌ථානයේ තවමත් පසු වීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකාවට පසුපසින් ප්‍රසාද ලකුණු සටහනේ සිටින්නේ බටහිර ඉන්දිය කොදෙව්, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ රටවල් තුන පමණි.

දකුණු අප්‍රිකානුවන් සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාවවු ලකුණු 102 කට තවත් ලකුණු පහක්‌ එකතු කර ගනිමින් ලකුණු 107 දක්වා ඉහළ දමා ගනිමීන් අදාළ ශ්‍රේණියේ තෙවැනි තැන දක්‌වා උසස්‌වීම් ලැබ තිබේ.

කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු 120 ක්‌ ලබා සිටින ඉන්දියාව තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ.