FAST NEWS

24×7 Around the Globe

ඇමති නිමල්ගෙන් දේශපාලනය ගැන ප්‍රබල ඉගියක්…

 

තමන් නුදුරේදීම දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කලේය.

බදුල්ල ප්‍රදේශයේ ඊයේ(15) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු පවසා සිටියේ පවුල් දේශපාලනයක තමන් කිසිදා නිරත නොවු බවයි.

‘‘ඌව පළාත ගොඩනැංවීමට මම කටයුතු කළා. දැන් අපි ටික දවසකින් විශ්‍රාම යනවා. මේකේ එල්ලිලා ඉන්නේ නැහැ. එල්ලිලා ඉන්න බලාපොරොත්තුවකුත් නැහැ.’’ යනුවෙන් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කලේය.