FAST NEWS

24×7 Around the Globe

2017 මුල් දවස් 10 ට රුපියල සියයට 0.1 කින් අවප්‍රමාණය වෙයි…

 

2016 වසර අවසානයේ සිට 2017 ජනවාරි මස 10 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 0.1 ක අවප්‍රමාණය වීමක් වාර්තා කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන ලදි.

තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතික හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන්වලට එරෙහිව සියයට 0.6 කින් ද, කැනේඩියානු ඩොලරයට එරෙහිව සියයට 2.0 කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට එරෙහිව සියයට 1.7 කින් සහ යූරෝවලට එරෙහිව සියයට 0.6 කින් අවප්‍රමාණය වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා රුපියල මෙම කාලපරිච්ඡේදය තුළ දී ස්ටර්ලින් පවුමට එරෙහිව සියයට 0.9 කින් සහ ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 0.2 කින් අධිප්‍රමාණය වී තිබේ.