FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා රහස් ඔත්තු සේවය විවේචනය කරයි..

පසුගිය නොවැම්බර් 8 වැනිදා පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ මස 20 වැනිදා දිවුරුම් දීමට නියමිතය.

මැතිවරණයෙන් පසු ප්‍රථම වරට මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ට්‍රම්ප් පවසා ඇත්තේ තම රටේ රහස් ඔත්තු සේවාවන් රහසිගත තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම මගින් අශෝභන ක්‍රියාවක යෙදී ඇති බවය.

මෙවන් ක්‍රියාවන් මීට ප්‍රථම සිදුකර ඇත්තේ ජර්මනියේ නාසිවරුන් විසින් බවද ඔහු සඳහන් කර ඇත.

ඔහු මෙසේ පවසා ඇත්තේ තමාගේ ජනපතිවරණ ප්‍රචාරවලදී තමාගේ ඡන්ද ව්‍යාපාර කණ්ඩායමට රුසියානු සහාය ලබාගත් බවට ලැබෙන චෝදනාවන්ට පිළිතුර ලෙසිනි.

ඔහු එසේ පැවසුවද ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවා ප්‍රධානි ජේම්ස් ක්ලැපර් මෙම දෝෂ දර්ශන සියල්ල තරයේ ප්‍රතික්‍ෂේප කර ඇත.

ඔහු වැඩිදුරටත් මෙහිදී පෙන්වා දී ඇත්තේ ලැබි තිබූ කරුණු මත ජනපති ඔබාමා සහ නව ජනපති ට්‍රම්ප් දැනුවත් කිරීමට සුදුසු කාලය එළඹ ඇති බවය.