ධනුන තිලකරත්න දේශපාලනයට එනවා කියල දැන් රාවයක් පැතිරෙනවා. සරත් ෆොන්සේකාගේ දියණික වන අප්සරා ෆොන්සේක සමඟ කාලයක් විවාහ වෙලා හිටියා.නමුත් දැන් නම් ඒ විවාහය කෙළවරයි කියලා තමයි අපට දන ගන්න ලැබෙන්නේ
ඒ එළඹෙන මහ මැතිවරණයෙන් නැගෙනහිර කොළඹින් තමයි ධනුන දේශපාලනයට පිවිසෙන්න යන්නේ.
වාර්තා වන අන්දමට සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන්මලු ධනුන ඡන්දය ඉල්ලන්න හදන්නේ.
කෙසේ වෙතත් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජ්‍යේෂ්ඨ පුද්ගලයෙකුගෙන් විමසු අවස්ථාවේදී ඔහු කියා සිටියේ එය අසත්‍යය ප්‍රචාරයක් බවයි.
ඒ අනුව තම මහ මැතිවරණය සඳහා ලබාදෙන නාම යෝජනා ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රසිද්ධ කරන බවද එම ප්‍රකාශකයා අප වෙත කියා සිටියේය.
මේ අතර ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා එ.ජා.පයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට යන බව රාවයක් පැතිරෙමින් පවතිනවා.
එමන්ම සරත් ෆොන්සේකා මහතා මිට ඉහතදී ප්‍රකාශ කලේ මහින්ද රාජපක්ෂ එනවානම් සන්ධාන ගත වීමකට තමන් සුදානම් බවයි.
මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින් ඉල්ලන්න තීරණය කරලා අවසන්.මෙහෙදී රාජපක්ෂ මහතාට විරුධව ප්‍රබල චරිතයක් කුරුණෑගලින් ඉදිරිපත් කිරීම එජාපයේ අරමුණ වී තිබේ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු සමඟ සරත් ෆොන්සේකා මහතා සකච්ඡා කර ඇති බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් එම දිස්ත්‍රික්කයෙන් තෝරාපත් කරගන්නා ලබන නියෝජිතයින් සංඛ්‍යාව පිළිබඳ මේ වන විට ගැටලු සහගත තත්ත්වයක්
උද්ගතවීම හේතුවෙන් එම තීරණය පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවද වාර්තා වෙයි.
මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් 2010න් පසු නැවත ඔහුන් මුහුණට මුහුණ ඡන්ද සටනක නිරත වන අයුරු දැක බලා ගැනීමට හැකි වනු ඇත








