FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකාව පළමු දිනය අවසානයේ ලකුණු 338 යි..

සංචාරක ශ්‍රී ලංකාව කණ්ඩායම සමග ජොහැන්නස්බර්ග් හිදි පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකාව පළමු දිනය සඳහා අද (12) තරගය නතර කරන විට කඩුළු 3 ක්දැවී ලකුණු 338 ක් ලබා සිටියේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ ජේ.පී. ඩුමිනි හා හෂීම් අම්ලා ශතක වාර්තා කිරීමට සමත් වූහ.

අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් ලහිරු කුමාර කඩුළු 2 ක්ද නායක ඇන්ජලෝ මැතිව්ස් එක් කඩුල්ලක්ද බිඳ දැමුහ.

නොදැවී කඩුල්ලේ රැඳි සිටින හෂීම් අම්ලා ලකුණු 125 ක් ද ඩුවාන් ඔලිවියර් ලකුණු නොලබාද සිටිති.

අද (13)තරගයේ දෙවන දිනයයි.