FAST NEWS

24×7 Around the Globe

FCIDයේදී විමල් වරද පිළි අරගෙන – බී වාර්තාවත් කියයි..

රජයේ වාහන 40 ක් අවභාවිතා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් ලක්ෂ 916 ට වැඩි මුදලක් රජයට අහිමි කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.

මෙම වාහන අවභාවිතාව පිළිබඳ 2014 වර්ෂයේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ආයතනයේ අභ්‍යන්තර විගණනයකදී මුලින්ම කරුණු අනාවරණය වී ඇති අතර එකළ ඔහු ඇමැති ධුරයේ කටයුතු කරමින් සිටි අවධිය බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

මේ සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සිදුකළ විමර්ශනයේදී විමල් වීරවංශ මහතා මෙම වාහන අවභාවිතාව පිළිබඳ චෝදනා පිළිගෙන ඇති අතර අමාත්‍යවරයා කුමක් පැවසූවද නිළධාරීන් සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයැයි සාක්ෂි දෙමින් හෙතෙම පවසා ඇති බවද අජිත් පී පෙරේරා මහතා බී වාර්තාව අන්තර්ගතවී ඇති බව පෙන්වාදුන්නේය.

එබැවින් හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගත්තේ දේශපාලන හේතූන් මත බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අමාත්‍යවරයා පැවසූයේ අද(11දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.