FAST NEWS

24×7 Around the Globe

හිටපු ටෙස්ට් ක්‍රීඩක වසීම් අක්‍රම් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග..

පාකිස්ථානු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක වසීම් අක්‍රම් වහාම අත්අඩංගුවට ගන්නැයි කරච්චි අධිකරණයක් මගින් වරෙන්තු නිකුත් කර තිබේ.

වසීම් අක්‍රම් ගමන් ගනිමින් තිබූ මෝටර් රථයේ විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට අයත් රථයක් ගැටීමෙන් කරච්චි නුවරදී මෙම අනතුර සිදුකර තිබුණේ පසුගිය අගෝස්තු මාසයේදීයි.

වසීම් අක්‍රම් විසින් අදාළ නඩුව ගොනුකර තිබූ අතර, නඩු විභාගය අවස්ථා 31 කදී කැඳවා ඇති නමුත්, ඉන් එක් අවස්ථාවකට හෝ ඔහු ඉදිරිපත් වී නොමැති බව වාර්තා වෙයි.

රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හෙතෙම අත්අඩංගුවට ඇත.

වසීම් අක්‍රම් සිය පවුලේ සාමාජිකයින් සමඟ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටියි.