FAST NEWS

24×7 Around the Globe

වොක්ස්වැගන් සමාගම නඩු දාන්න යයි – හේතුව මෙන්න…

 

ශ‍්‍රි ලංකාවේ වොක්ස්වැගන් ශාඛාවක් ආරම්භ කරන්නේ යැයි පවසමින් තම සන්නාමය අවභාවිත කලේ යයි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට ජර්මානු වොක්ස්වැගන් සමාගම සූදානම් වන්නේ යයි මාධ්‍ය වාර්තා පල වෙයි.

මෙරට වොක්ස්වැගන් නියෝජිතයා, රජයේ නියෝජිතයින් විසින් කරන ලද ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් මේ වන විටත් සමාගමේ නීතිවේදීන් අධ්‍යනය කරමින් සිටින බවද සදහන්ය.

කෙසේ වෙතත් කොළඹ පිහිටි ජර්මානු තානාපති කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් කල විමසීමේදී එහි ප‍්‍රකාශකයා තමන් සතුව ප‍්‍රමාණවත් තොරතුරු නැති බව පවසමින් අදහස් දැක්වීමෙන් වැලකී සිටියේය.