FAST NEWS

24×7 Around the Globe

විශ්වයේ ඇත්ත හොයන් යන ගමන් දමිත් ගීතයකුත් කරලා… (ඡායාරූප)

 

පසුගිය අවුරුදු කීපයක සිට තමන් බුද්ධ දර්ශනය පිළිබඳව අධ්‍යයනයක සිටින බවත් ඒ නිසාම ආගමට වඩා දර්ශනයට කිට්ටු වී සිටින බවත් ජනප්‍රිය ගායක දමිත් අසංක පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කලේය.

දර්ශනය ඉගෙන ගන්න ඕන මුලින්. ඒ වගේම මගේ ලොකු අශාවක් තියෙනවා විශ්වයේ තියෙන ඇත්ත හොයාගන්න. ඒ පිළිබඳවත් මම අධ්‍යයනයක ඉන්නවා.

”මහණදම් පිරීම සඳහා අදහසක් තිබෙනවාද?

එහෙම අදහසක් තාම නැහැ. නමුත් මම කැමතියි බුද්ධ දර්ශනය පිළිබඳව අධ්‍යයනය කරන්න. එය මගේ ආශාවක්.”

මුහුණුපොතේ දමිත් අසංකලා විශාල ප්‍රමාණයක් සිටින බවත් වංචනිකයන්ට හසුනොවී බුද්ධිමත්ව සිතා බලා ඇත්ත දමිත් අසංක සොයාගෙන ඇසුරු කරන්න කියා රසිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සදහන් කලේය.

එසේම දිගු නිහැඬියාවකට පසු දමිත් අසංකගේ නවතම ගීතය ‘මේ රිදුම්’ නමින් එළිදක්වා තිබේ.

වීඩියෝව පහතින්..