FAST NEWS

24×7 Around the Globe

කුමාර් සංගක්කාරට හරිකෙනේස් කණ්ඩායමේ ස්ථානය අහිමී කෙරේ..

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් තරගාවලියේදී හොබාට් හරිකෙනේස් කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කාරට එම කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

තරගාවලිය තුළ ක්‍රීඩා කර ඇති තරග පහ තුළදී වාර්තා කිරීමට සමත්ව ඇත්තේ ලකුණු 68ක් පමක් වීම හේතුවෙන් ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමිවී ඇත.

ඒ අනුව ඔහු පසුගිය 8 වැනිදා තරගාවලියේදී හොබාට් හරිකෙනේස් කණ්ඩායම ක්‍රීඩා කළ තරගයට එක් නොවීය.

එසේම එම කණ්ඩායමේ පුහුණුකරු ඩේමියන් රයිට් මාධ්‍ය වෙත මේ සම්බන්ධයෙන් අදහස් දක්වීමන් සඳහන් කර ඇත්තේ කුමාර් සංගක්කාරවකණ්ඩායමෙන් ඉවත් කිරීම තමා ගත් අපහසුම තීරණයක් වු බවය.