FAST NEWS

24×7 Around the Globe

T-20 හා ODI සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..- කුසල් ඉවතට..

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන විස්‌සයි විස්‌ස සහ එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය ඉලක්‌ක කර ගනිමින් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් නව දෙනකු දකුණු අප්‍රිකාව බලා පිටත්කර යෑවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අදාළ සංචිතය සඳහා ඊයේ (10 දා) සවස්‌ වනතුරුත් ක්‍රීඩා ඇමැතිගේ අනුමැතිය නොලැබී ඇති බවද පැවසේ.

දකුණු අප්‍රිකාවේ ටෙස්‌ට්‌ තරගාවලියට සහභාගි වු නව දෙනකු වෙනුවට නම් කරන ලද ක්‍රීඩකයන් නව දෙනකු මෙලෙස පිටත් කර යැවෙන අතර අදාළ සංචිතය විස්‌සයි විස්‌ස සහ එක්‌දින තරග දෙඅංශයටම නම් කර ඇතැයි සඳහන් වේ.

දකුණු අප්‍රිකානු විස්‌සයි විස්‌ස සහ එක්‌දින තරගයට අලුතින් ඇතුළත් වන ක්‍රීඩකයන් වනුයේ තික්‌ෂිල ද සිල්වා, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න, සචිත් පතිරණ, ලක්‍ෂාන් සඳකැන්, නිරෝෂන් දික්‌වැල්ල, ධනුෂ්ක ගුණතිල, නුවන් කුලසේකර සහ ඉසුරු උදාන බවද වාර්තා වේ.

එසේම වාර්තා වන අන්දමට දිගින් දිගටම අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරාට කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි වී තිබේ.

දෙරට අතර පළමු විස්‌සයි විස්‌ස තරගය ලබන 20 වැනිදාත් දෙවැන්න 22 වැනිදා සහ තෙවැන්න 25 වැනිදා පැවැත්වේ.

අනතුරුව තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේ පළමු තරගය 28 වැනිදා ආරම්භ වේ.

ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස සහ එක්‌දින සංචිතය (නිල නොලත්)

ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), දිනේෂ් චන්දිමාල් (උපනායක), කුසල් මෙන්ඩිස්‌, ධනංජය ද සිල්වා, උපුල් තරංග, සුරංග ලක්‌මාල්, අසේල ගුණරත්න, තික්‌ෂිල ද සිල්වා, සීකුගේ ප්‍රසන්න, සචිත් පතිරන, ලක්‍ෂාන් සඳකැන්, නිරෝෂන් දික්‌වැල්ල, ධනුෂ්ක ගුණතිලක, නුවන් කුලසේකර සහ ඉසුරු උදාන