FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික බස්රථ ව්‍යාපාරය පිළිකුල් වෙලා – පෞද්ගලික බස් රජයට පැවරෙයිද…?

 

මගී ජනතාවට විධිමත් ප්‍රවාහන සේවයක් සපයන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අහෝසි කරන ලෙස පෞද්ගලික බස් සංගම් මාෆියාව විද්‍යුත් මාධ්‍ය හරහා ඉල්ලා සිටීම දැඩි පිළිකුළෙන් හෙළා දකින බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසන ලදි.

මුදල් උපයාගැනීම එකම අරමුණ කරගෙන සිටින පෞද්ගලික බස්රථ සංගම් මාෆියාව ශ්‍රී ලංගමය අහෝසි කරන ලෙසත් එයට අලුතින් බස් රථ ආනනයන නොකරන ලෙසත් ඉල්ලා සිටීම පිළිබඳ තමන් ඔවුන්ට අනුකම්පා කරන බවද කී එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සමස්ත පෞද්ගලික බස්රථ ව්‍යාපාරයම රජයට පවරාගෙන විධිමත් ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදීමට මැදිහත්වන ලෙස ජනපති ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් පැවැසීය.