FAST NEWS

24×7 Around the Globe

කිම්ගේ ආභරණ ඉස්සුවාට 17කට වුන වැඩේ…

 

ඇමෙරිකානු රියැලිටි තරුවක් වන කිම් කාඩෑෂියන් ගේ ආභරණ සොරාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් බහුතරයක් වයස පනස් ගණන් වල පසුවන බව පැවසේ.

පසුගිය ඔක්තෝබරයේදී වාර්තා වූ මෙම සිදුවීමේදී ඇයව බලහත්කාරයෙන් හෝටල් කාමරයක රඳවාගෙන ආයුධ පෙන්වා ඇගේ ආභරණ සොරාගැනීමට මෙම සොරුන් සමත්වී තිබුණි.

මොවුන් විසින් සොරකම් කරනු ලැබූ ආභරණ වල වටිනාකම යුරෝ මිලියන 10ක් පමණ බව ඇස්තමේන්තු කර තිබුණු අතර, සිද්ධියෙන් දිනකට පසුව දියමන්ති පෙන්ඩනයක් යාබද පාරක වැටී තිබියදී හමුවී තිබුණි.