FAST NEWS

24×7 Around the Globe

“The Banker” සඟරාව හොඳම මුදල් ඇමති විදිහට රවීව දැකලා…

 

ලොව ප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින් ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක නම්කර තිබේ.

පවතින තත්ත්වයන් කළමනාකරණය කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යවරුන් විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ග මෙහිදී අධ්‍යයනයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

අධ්‍යයනය සිදුකළ ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත්තේ රවී කරුණානායක කෙටි කලකදී කි‍්‍රයාමාර්ග රැසක් ගනු ලැබ ඇති බවත් ඒවායින් දිගුකාලීන සාර්ථක ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකි බවත්ය.

මෙම අධ්‍යයනයට අනුව යුරෝපා කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස ලැට්වියා රාජ්‍යයේ ඩනා රිස්නීසියා ඔස්ලෝ නම් කර තිබේ.

මැදපෙරදිග කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස කුවෙට් හි අනාස් අල් සාලේයි හා අප‍්‍රිකානු කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රවීන් ගොර්දාන් නම් කර තිබේ.