FAST NEWS

24×7 Around the Globe

ඔබාමාගෙන් ට්‍රම්ප්ට එල්ල වන අවවාදය මෙන්න…

 

ව්‍යාපාරයක් මෙන් රටක් පාලනය කිරීමෙන් වළකින්නැයි ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්‍රකාශයක් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ විදෙස් ප්‍රවෘත්ති සේවාවක් වෙත සාකච්ඡාවක් ලබාදෙමිනි.

බැරැක් ඔබාමා එමඟින් සඳහන් කළේ විශේෂයෙන් ඇමරිකාවේ ආයතන කෙරෙහි නව ජනාධිපතිවරයා ගරු කළ යුතු බවයි.

ඇමරිකාවේ මූල්‍ය ආයතන කෙරෙහි ලොවම බලා සිටින බව ප්‍රකාශ කර ඇති බැරැක් ඔබාමා එම ආයතන සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේදී නව ජනාධිපතිවරයා දැඩි අවධානය යොමු කළ යුතු බවද පවසන ලදි.