FAST NEWS

24×7 Around the Globe

සුරතලයට වනසත්තු ලග තියන් හිටියොත් ‍වෙන්නෙ මේකයි…

 

අරාබි එමීර් රාජ්‍යයේ වැසියන්ට සුරතලුන් ලෙස වන සතුන් ළඟ තබාගැනීම තහනම් කර තිබේ.

විශේෂයෙන් මෙසේ තහනමට ලක්වන සතුන් ලෙස දක්වා ඇත්තේ සිංහයින් සහ කොටින්ය.

එසේම එරට වැසියන් චීටා වැනි සතුන් සුරතලුන් ලෙස තම නිවෙස්වල තබාගන්නේ තමන්ගේ සමාජීය තත්ත්වය පිළිබිඹු කිරීම සඳහාය.

මෙම නියෝගය ක්‍රියාත්මක වීමත් සමග එරට මෙවන් සතුන් වෙළෙඳාම් කිරීම සහ සතුකර තබාගැනීම සිරදඬුවම් විඳීමට හෝ දඩයකට යටත් වීමට හේතු වේ.