FAST NEWS

24×7 Around the Globe

කටාර්හි නිවාඩු අලුත් විදිහකට -ශ්‍රමිකයන්ට සුභ වෙන ලකුණු…

 

කටාර් රාජ්‍යයේ සේවය කරන ශ‍්‍රමිකයන්ට අසනීප නිවාඩු ලබා දීමේ නව ක‍්‍රමවේදයක් මේ වසර තුළ හදුන්වා දීමට එරට රජය සැරසෙන බව විදෙස් වාර්තා සදහන් කලේය.

දැනට පවතින ක‍්‍රමවේදයට වඩා විධිමත් , විනිවිදභාවයකින් යුතු හා නිරවද්‍යතාව සහතික කළ හැකි නවීකරණය කරන ලද පද්ධතියක් ලෙස නව ක‍්‍රමවේදය කි‍්‍රයාත්මක වන බව ද එම වාර්තා සදහන් කරන ලදි.

නව ක‍්‍රමවේදය  සදහා විවිධාකාරයේ යෝජනා හා නිර්දේශ ගණනාවක්ම ලැබී ඇති බවත් අධ්‍යයනයකින් පසුව නව පද්ධතිය කි‍්‍රයාත්මක කෙරෙනු ඇති බවත් එම වාර්තාවන්හි සදහන් වේ.

මහජන සෞඛ්‍ය කටයුතු අමාත්‍යංශය, පරිපාලන සංවර්ධන කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යංශය සමඟ සහයෝගයෙන් නව ක‍්‍රමවේදය පාලනය කිරීමට නියමිත අතර පැන නැගෙන ගැටලූ සදහා විසදුම් ලබා  දීමට ද මේ යටතේ දායකත්වය ලැබෙනු ඇත.