FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය සිනමාවේ ප්‍රබල චරිතයක් සදහටම නිහඩ වූ හැටී… (ඡායාරූප)

 

ඉන්දීය සිනමාවේ ප්‍රබල චරිතයක් වු ඕම් පුරි ජීවිතක්ෂයට පත්ව ඇති බව පවුලේ සාමාජිකයන් අදාළ මරණය පිළිබඳ විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර තිබේ.

අද(06) අලුයම මුම්බායි නුවර පිහිටි නිවසේ නිදා සිටි ඇඳ මතම ඕම් පුරි මරණයට පත්ව සිටි බව පවුලේ සාමාජිකයන් ප්‍රකාශකර ඇති අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු 66 ක් බවද වාර්තා වේ.

විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ සුපිරි නලුවා මරණයට පත්ව ඇත්තේ හෘදයාබාධයකින් බවයි.

කලාත්මක සහ ජනප්‍රිය චිත්‍රපටවල භේදයකින් තොරව රගපෑ  ඕම් පූරි 80 දශකයේ ඉන්දීය සිනමාවේ ප්‍රකට චිත්‍රපට රැසකට දායකත්වය දැක්වීය.

එසේම ඔහු ජුවෙල් ඉන්ද ක්‍රවුන් නමැති බ්‍රිතාන්‍ය රූපවාහිනි නාට්‍යමාලාවකට ද එක්වූ අතර, සිටි ඔෆ් ජෝයි නමින් ජාත්‍යන්තරයට ගිය සිනමා නිර්මාණයේ දී ද දස්කම් දැක්වීමට සමත් වීම වෙනුවෙන් ඔහුට 2004 වසරේදී බ්‍රිතාන්‍යයෙන් සම්මානයක් ද හිමිවිය.

රංගනයේ යෙදුන අවස්ථාවන්හි ගත් ඡායාරූප පහතින්..

Image result for indian om puri

Image result for indian om puri

Image result for indian om puri