FAST NEWS

24×7 Around the Globe

දුම්රියේ බෝම්බය පිටුපස ඇති ඇත්තම කතාව හෙළි වෙයි…

 

දුම්රියක සැක කටයුතු යමක් ඇති බවට පොලිසියට ඇමතුමක් ලබාදුන් තරුණියව  ඊයේ(04) පෙරවරුවේ කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් 26 වනදා රාත්‍රියේ බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රියක සැකකටයුතු යමක් ඇති බවට 119 හදිසි ඇමතුම් අංකයට තරුණියක් විසින් ඇමතුමක් ලබාදී තිබුණි.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය ද කැඳවා පැය 2 කට ආසන්න කාලයක් එම දුම්රිය පරීක්ෂාවට ලක් කළ නමුත් සැකකටයුතු කිසිවක් දුම්රිය තුළ තිබී හමුවූයේ නැත.

ඉන් අනතුරුව පොලිසිය මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර, එහිදී අනාවරණ වූයේ සිය පෙම්වතා වෙනත් තරුණියක සමඟ විවාහ වීමට අදාළ දුම්රියෙන් යන බවට ලැබුණු තොරතුරක් මත එම දුම්රිය නවත්වා ගැනීම සඳහා තරුණයාගේ පෙම්වතිය මෙම ඇමතුම ලබාදී ඇති බවටයි.

ඒ අනුව කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මෙම තරුණිය රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (04) නියෝග කළාය.