උපතින් තමාට හිමිවන ලිංගිකත්වය, වැඩිවියට පත්වද්දී ඇතිවන ශරීර ලක්ෂණ සහ සිතුම් පැතුම් නිසා තම ලිංගිකත්වය මාරුකරගන්නා ඉති සුළු පිරිසක් ලෝකයේ සිටින අතර මෙවැනි තැනැත්තන්ට සමාජයේදී මුහුණ දෙන්නට සිදුවන නින්දා අපහාසද එමටය.
ඒ නිසාම ඇතැම්විට ඔවුන් පසුවන්නේ සමාජයෙන් කොන්වූවන් ලෙස හෝ ඉතා සුළු කණ්ඩායම් ලෙසය.
එසේම මොවුන්ට බොහෝ රටවලදී සමාජයේ රැකියා අවස්ථා හෝ අධ්‍යාපන අවස්ථා හිමිවන්නේ නැති අතර ඊට පිළියමක් ලෙස ඉන්දියාව මෙවන් සංක්‍රාන්ති ලිංගිකයින් හට පාසලක් අරඹා තිබේ.
කේරලයේ ත්රික්කකරහි පිහිටි සහාජ් ඉන්ටර්නැෂනල් නම් මෙම පාසලට අවුරුදු 25ත් 30ත් අතර සංක්‍රාන්ති ලිංගිකයින් බඳවාගනු ලබන අතර මේ වනවිට සිසුන් 06 දෙනකු පාසලට ඇතුළත්වී ඇති අතර ඉන් පස්දෙනකු පිරිමින් ලෙස උපත ලබා පසුව කාන්තාවන් වූ අය වේ.
ඡායාරූප පහතින්..













