FAST NEWS

24×7 Around the Globe

යුනිස් ඛාන් ඔස්ට්‍රේලියාවට ශතකයක් වාර්තා කර ඩ්‍රාවිඩ්ගේ වාර්තාවක් උදුරා ගනියි…

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රීකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් යුනිස් ඛාන් අද (05) ශතකයක් රැස් කර ගැනීම සමත් වු අතර එය ඔහුගේ 34 වැනි ටෙස්ට් ශතකය වේ.

එ සමගම ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩා කරනු ලබන රටවල් 11 ටම එරෙහිව ශතක වාර්තා කිරීමට සමත් වු පළමු ක්‍රීඩකයා ලෙස යුනිස් ඛාන් ටෙස්ට් ක්‍රීකට් වාර්තා පොත් අතරට එක්විමට සමත් විය.

මැතකදී ටෙස්ට් ක්‍රීකට් තරග සඳහා එක්වු එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ටෙස්ට් තරගයකදී ශතකයක් රැස් කිරීමට සමත් විම නිසා  සහ ඔස්ට්‍රේලියාවට එරෙහි සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීමත් හේතුවෙන් ඔහු මෙම වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් විය.

මීන් පෙර ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 10 කට එරෙහිව ශතක වාර්තා කළ හිටපු ඉන්දීය ටෙස්ට් ක්‍රීකට් ක්‍රීකඩ රාහුල් ඩ්‍රාවිඩි මෙම දක්ෂතාවය දැක්වීමට සමත්ව සිටියේය..