FAST NEWS

24×7 Around the Globe

මෙතෙක් නොආ දෙකට නමන්න පුළුවන් ෆෝන් එක මෙන්න… (වීඩියෝ)

 

මෙතෙක් ලොව දෙකට නැවිය හැකි ජංගම දුරකථන සුලභව දක්නට ලැබුණත්, ක්‍රම ක්‍රමයෙන් එම ෆ්ලිප් ෆෝන් අභාවයට ගොස් ඇති බව දකින්නට හැකියි.

කෙසේ නමුත් එවැනි ලෙස නිපැයූ නව ෆ්ලිප් ෆෝනයක් ‍නොවන නැවිය හැකි ස්මාට් ෆෝනයක් සැම්සන්ග් සමාගමෙන් මේ වසර අග කාර්තුවේදී නිකුත් වීමට නියමිත බව වාර්තා වී තිබේ.

Galaxy X නමින් හඳුන්වන එය ඉහත කියූ මින් පෙර දක්නට ලැබුණු නැවිය හැකි ජංගම දුරකථන වන ෆ්ලිප් ෆෝන් ආකෘතියෙන් වෙනස් වන්නේ කෙසේද යන්න මෙම නව Galaxy X හි ඡායාරූප අධ්‍යයනය කරන ඔබට වැටහෙනු ඇත.

එම ඡායාරූප මෑතකදි සැම්සන්ග් සමාගම ලබාගත් පේටන්ට් බලපත්‍රයන් ඇසුරෙන්, ලොව පුරා සිටිනා නව ස්මාට්ෆෝනයන් සම්බන්ධ නිර්මාණ සැලසුම් අනාවැකිකරුවන් විසින් නිශ්චය කළ හැඩ සටහන් ඇසුරෙන් නිර්මාණය වූ ඒවා වේ.

මෙම ව්‍යාපෘතියේ නම ලෙසින් අසන්නට ලැබෙන්නේ Project Valley වන අතරම  තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නොමැති මෙම ස්මාට්ෆෝනය අලෙවි කරන නාමය Galaxy X වුවත්, ඊට පසුව වෙනත් නමක් ලැබුණද, එහි අපූර්ව හැඩය සම්බන්ධයෙන් සැම්සුන්ග් සමාගමෙන්ම ලැබුණා යැයි කියන ඔත්තුව මෙයට සුවිශේෂී ආකර්ෂණයක් එක් කොට ඇති බව පෙනී යයි.

මෙම ස්මාට්ෆෝනයේ මිළ පිළිබඳව හෝ ස්මාට්ෆෝනයේ අන්තර්ගත විශේෂාංගයන් පිළිබඳව මේ වනතෙක් කිසිඳු තොරතුරක් නිකුත්ව නැතත් මෙම උපාංගයේ හැඩය මතම පමණක් බොහෝදෙනෙකු මෙයට ආකර්ෂණය වී තිබෙන බව මෙම පුවත පැතිරී යන වේගය නිසා හඳුනාගත හැකිය.

ඡායාරූප පහතින්..

Related image

Related image

Related image

Related image

Image result for Galaxy X

Related image

Image result for Galaxy X

Related image

Related image

Image result for Galaxy X

Related image

Image result for Galaxy X

Image result for Galaxy X

වීඩියෝව පහතින්..