FAST NEWS

24×7 Around the Globe

දෝනි නායකත්වයෙන් සමු අරන්…

 

ඉන්දීය කණ්ඩායමේ විස්සයි විස්ස හා එක්දින නායකත්වයෙන් නායක මහෙන්ද්‍ර සිං දෝනි ඉවත්ව ඇති අතර ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි20 තරගාවලියට පෙරාතුව ඔහු මෙසේ නායකත්වයෙන් සමුගෙන තිබේ.

කෙසේ වෙතත් ඔහු ඉදිරියටත් කඩුලු රකින්නෙකු හා පිතිකරුවෙකු ලෙස සිය දායකත්වය ඉන්දීය කණ්ඩායමට ලබාදීමට නියමිතය.

මේ වන විට ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරණ විරාත් කෝලි එක්දින හා විස්සයි20 නායකයා වශයෙන් පත්වීමට වැඩි ඉඩක් තිබෙන බවද ඉන්දීය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කලේය.

2007 වසරේදී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස දෝනි පත්වූ අතර ඔහු 2011 එක්දින ලෝක කුසලානය, 2007 විස්සයි20 ලෝක කුසලානය හා 2013 ශූරයන්ගේ කුසලානය ඉන්දීයාවට හිමිකර දීමට කටයුතු කළේය.‍

එක්දින තරග 199කදී ඉන්දියාව මෙහෙයවා ඇති දෝනි ඉන් තරග 110ක්ද ජයගෙන ඇති අතර විස්සයි20 තරග 72කදී ඉන්දියාවට ජයග්‍රහණ 41ක් හිමිකර දී ඇති බව සදහන්ය.

එසේම දෝනි 2014 වසරේ ටෙස්ට් ක්‍රීඩාවෙන්ද සමුගත් අතර නායකයෙකු ලෙස එක්දින තරග 6633ක් රැස්කරගෙන ඇති දෝනිගේ එහි සාමාන්‍ය 54ක් ලෙස දැක්වේ.