අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් 1996 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය එක්ව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දායකත්වය දැක්වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආධාර කිරීම පිණිස අරමුදලක් පිහිටුවා තිබේ.
මෙම අරමුදල ‘හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ත්‍යාගශීලී අරමුදල’ නමින් ආරම්භ කර ඇති අතර මෙම අරමුදලින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය සහ හදිසි අවශ්‍යතා වෙනුවෙන් මුදල් පිරිනැමීමට නියමිතය.
මෙම අරමුදල පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී ඊයේ (03) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී 96 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ වීරයා බවට පත්වූ අරවින්ද ද සිල්වා මහතා පැවසුවේ හිටපු ක්‍රීඩකයන් කළ සේවය ඇගයීම වෙනුවෙන් මෙවැනි දෙයක් කළ යුතු බවට ලෝක ශූර කණ්ඩායමේ සාමාජිකයන් අදහස් කළ බැවින් මෙය ක්‍රියාත්මක කරන බවයි.
“විශේෂයෙන් අපේ කාලෙට පෙර ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ඇතැම් ක්‍රීඩකයෝ අපහසුතාවට පත්ව සිටිනවා. ඒ නිසා හිටපු ක්‍රීඩකයන් හැටියට ඔවුන්ට අත දියයුතුයි කියලා සිතපු නිසා තමයි අපි මේ අරමුදල ආරම්භ කළේ”
“සමහර විට අපිට මෙය ක්‍රියාත්මක කරන විට ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරන්නත් වෙයි. අවශ්‍යාතාව අනුව අපි එය ක්‍රියාත්මක කරනවා” යැයි අරවින්ද ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
එම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු රොෂාන් මහානාම මහතා පැවසුවේ ලෝක ශූර කණ්ඩායම ලෙස කළ යුතු යැයි හැඟුණ යුතුකම ඉටු කිරීමට තමන් ඇතුළු පිරිස ඉදිරිපත් වූ බවයි.
“මේකට අයි.සී.සී. හෝ ක්‍රිකට් ආයතනය හෝ සම්බන්ධතාවක් නෑ. අපි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමඟ එකතු වෙලා වැඩ කරන්නේ. අපිට ගොඩක් දෙවල් ඉදිරියට කරන්න තියෙනවා” යැයි මහානාම මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පැවසුවේ ලෝක ශූර ක්‍රිකට් පිලේ සාමාජික අසංක ගුරුසිංහ මහතාගේ සංවිධානයෙන් ඕස්ට්‍රේලියාවේදී මෙම අරමුදල තරකර කර ගැනීම සඳහා තරග දෙකක් පැවැත්වූ බවත් අනතුරු පසුගිය වසරේ ශ්‍රී ලංකාවේදීද තරගයක් පැවැත්වූ බවත්ය.
ඕස්ට්‍රේලියාවේදී මෙම අරමුදලට එකතු වූ මුදල් අසංක ගුරුසිංහ මහතා බාර දුන් අතර
හිටපු ප්‍රවීණ පුහුණුකරුවන් වන රසල් හාමර් සහ ඒ. ජේ. සමරසේකර යන මහත්වරුන්ට මුදල් ප්‍රදානය කෙරිණ.
මෙම අරමුදලින් රුපියල් මිලියන 4 ක වියදමින් මීට පෙර පොළොන්නරුව ප්‍රදේශයේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක්ද සම්පූර්ණ කර තිබේ.
මෙම මාධ්‍ය හමුවට ලෝක ශූර ක්‍රිකට් පිලේ සාමාජිකයන් වන අසංක ගුරුසිංහ, රොමේෂ් කළුවිතාරණ, හෂාන් තිලකරත්න, චමින්ද වාස්, උපුල් චන්දන, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, කුමාර ධර්මසේන සහ රවින්ද්‍ර පුෂ්පකුමාර ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
රොමේෂ් කළුවිතාරණ මහතා විසින් රසල් හාමර් මහතාට මුදල් පිරිත්‍යාග කරන ලද අවස්ථාව..
.jpg)
හෂාන් තිලකරත්න සහ කුමාර ධර්මසේන යන මහත්වරු ඒ. ජේ. සමරසේකර මහතාට මුදල් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව..
තවත් ඡායාරූප කිහිපයක් පහතින්..






.jpg)








