ඇමෙරිකානු ජාතික ගායිකාවක් වන ජැනට් ජැක්සන් සිය පළමු දරුවා බිහිකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර මෙහි විශේෂත්වය වන්නේ ඇය සිය පළමු දරුවා අවුරුදු 50දී බිහි කිරීමයි.
කටාර් ජාතික ව්‍යාපාරිකයෙකු වෙන විසාම් අල් මානා හා ජැනට් විවාහ වී සිටින අතර ඇය සිය පළමු දරුවා සෞඛ්‍ය සම්පන්නව බිහි කළ බවත් දරුවා මෙන්ම ඇයද හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවත් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කලේය.
එසේම විසාම් අල් මානා ජැනට්ගේ තෙවැනි විවාහයද වේ.
ඡායාරූප පහතින්..













