FAST NEWS

24×7 Around the Globe

විජයගේ අඩුව පුරවන්න වේදිකාවට එන අලුත් තැනැත්තා මෙන්න…

 

කලා ක්‍ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ විජය නන්දසිරි වෙනුවෙන් ඔහුගේ පුතා රංගන ක්ෂේත්‍රයට පිවිසෙන බව ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි සඳහන් කර තිබේ.

ඇය සඳහන් කර ඇත්තේ කුස පබාවතී වේදිකා නාට්‍යයේ විජයගේ අඩුව පිරවීම සඳහා ඔහුව යොදාගන්නා බවයි.

“විජය වෙනුවට ආදේශ කරන්නේ කවුද කියලා කල්පනා කරද්දී මට වැටහුණා නන්දසිරි කියන නම ඉදිරියට ගෙන යා හැකි කෙනෙක් ඊට යොදා ගත්තොත් වඩා හොඳයි කියලා. ඒ නිසා ඒ චරිතය සඳහා අපේ පුතා රසාංජන සුචිත්‍ර නන්දසිරිවයි මම තෝරාගත්තේ. පුතා තමන්ගේ වෘත්තීය කටයුතුත් එක්ක කවදාවත් වෘත්තිය රංගන ශිල්පියෙක් බවට පත්වන එකක් නම් නැහැ. හැබැයි ඔහු කලා ක්‍ෂේත්‍රයෙනුත් විජයගේ නම ඉදිරියට ගෙන යාවි.” යනුවෙන් දේවිකා මිහිරානි සඳහන් කර තිබේ.