FAST NEWS

24×7 Around the Globe

මෝටර් රථ ධාවන ශූර අශාන් පිටරටදී වාහනයක් පැය 24ම එලවන්නේ මේ නිසයි…

 

මෙරට මෝටර් රථ ධාවන පථයේ ප්‍රබලතම මෝටර් රථ ධාවන ශූරයකු වන අශාන් සිල්වා ලොව ප්‍රධානම මෝටර් රථ ධාවන තරගමාලාවක් වන ජාත්‍යන්තර එන්ඩියුරන්ස් මෝටර් රථ තරගාවලියේ (International Endurance Series 2017) පළමු කාණ්ඩයේ තරගාවලියට එක්වීමට නියමිතය.

මේ මස 12, 13 හා 14 යන තෙදින ඩුබායි නගරයේ ඔටෝ ඩ්‍රොම් ධාවන පථයේ දී මේ තරගාවලිය පැවැත්වේ.

මේ තරගාවලියේ විශේෂත්වය වන්නේ පුරා පැය විසිහතරක කාලයක් තරගය පැවැත්වීමය.

ලොව නන්දෙසින් තරගකරුවන් විශාල සංඛ්‍යාවක් සෑම වර්ෂයකම මේ තරගාවලිය නියෝජනය කරන අතර මෙවර ද රටවල් ගණනාවකින්ම මෝටර් රථ ධාවන ශූරයන් විශාල සංඛ්‍යාවක් තරගාවලියට එක්වී තිබේ.