කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ බැවින් තමන් 31 වැනිදා කිලිනොච්චිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බැව් කිලිනොච්චිය දිස්ත්‍රික් මාධ්‍යවේදී ලෙස කටයුතු කරන එස්.එන්. නිබෝජන් මහතා පැවැසීය.
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යවරියගේ ආධාරකරුවකු යැයි පවසන පුද්ගලයකු එලෙස තමන්ට දුරකතන මඟින් තර්ජනය කළ බවත් හා තමන්ට බෝම්බ ගසා මරණ බව මෙන්ම මහේෂ්වරන් අමාත්‍යවරිය ප්රභාකරන් සම්බන්ධයෙන් පැවැසූ ප්‍රකාශය මාධ්‍ය ආයතන වෙත ලබාදීමේ වරදට දඬුවම් ලබාදෙන බවද අදාළ පුද්ගලයා පැවැසූ බව නිබෝජන් මහතා පැවැසුවේය.
එසේම කිලිනොච්චිය පොලිසිය පැවැසුවේ අදාළ කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බවයි.
පසුගියදා කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති වැඩසටහන් අවස්ථාවකට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පැවැසුවේ දෙමළ ජනතාවගේ එකම නායකයා වූ ප්රභාකරන් මිය යෑමෙන් අනතුරුව නායකත්වයක් නොමැතිව දෙමළ ජනතාව අසරණ වී ඇති බවයි.









