FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ඇමැති ගැටලුව දුරදිග යයි – එජාපයේ ප්‍රබල ඇමැතිවරයෙකුගෙන් ඉල්ලා අස්වීමේ ඉගියක්…

 

රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිත විෂය පථයන් වෙන් කරදීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් එම ධූරයන් දැරීමේ පළක් නැතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවැසීය.

වත්මන් රජය බලයට පත් වී වසරකට අධික කාලයක් ඉක්ම ගොස් ඇතත් රාජ්‍ය අමාත්‍යවරුන් ප්‍රායෝගිකව කටයුතු කිරීමට හැකි වාතාවරණයක් මෙතෙක් උදාවී නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ගැටලුව සඳහා විසඳුමක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් කර ඇති ඉල්ලීම් සඳහා මෙම වසරේ මුල් මාස දෙක තුළවත් නිසි ප්‍රතිචාරයක් නොලැබුණොත් රාජ්‍ය අමාත්‍යධූරවල රැඳී සිටීමෙන් පලක් නොවන බවත් එම ඉල්ලීම ඉටු නොවන්නේ නම් ඉදිරියේදී කුමක් කරන්නේද යන්න දෙවරක් සිතාබලන්නට සිදුවන බවත් අමාත්‍යංශ පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතාවට සේවය කිරීම සඳහා ආණ්ඩු බලයක් ලැබෙන තුරු වසර ගණනක් තිස්සේ බලන් සිටි තමන් වැනි බොහෝ දෙනෙකුට රාජ්‍ය ඇමති කිරුළ යටතේ එය කිරීමට නොහැකිව තිබෙන බවද පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.