FAST NEWS

24×7 Around the Globe

රනිල් ඉවත් කළ කොමසාරිස්ට මෛත්‍රී ලේකම්කමක් දී ඇති හැටි මෙන්න…

 

හිටපු ඉඩම් කොමසාරිස්‌ ආර්.පී.ආර්. රාජපක්‍ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අතිරේක ලේකම්වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කර ඇති අතර හෙතෙම අද (03) අදාළ ධූරයේ වැඩභාරගෙනද තිබේ.

රාජපක්‍ෂ මහතා ඉඩම් කොමසාරිස්‌වරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු සිය රාජකාරි නිසි ලෙස ඉටුනොකරන බවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් ඉඩම් කොමසාරිස්වරයාට කළ බලපෑමකට අනුව ඔහු අදාළ ධූරයෙන් ඉල්ලා අස්වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.