FAST NEWS

24×7 Around the Globe

අනාගාමිකයෙකුව සිටි ෆෙස්බුක් නිර්මාතෘට ආගමක් ගැන අදහසක් ඇවිත්… (ඡායාරූප)

 

අනාගාමිකයෙකු ලෙස තමන්ව හඳුන්වා ගන්නා ෆෙස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් අනාගමිකත්වය පිළිබඳව සිය දැක්ම වෙනස් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

ඔහු සඳහන් කරන්නේ ආගමක් පිළිබඳව අදහසක් තම ජීවිතයට පැමිණ ඇති බවයි.

පසුගියදා නත්තල් දිනය වෙනුවෙන්ද ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සුබ පැතුම් පණිවිඩයක් එක් කර ඇති අතර ඔහුගේ එම සුබ පැතුම් පණිවිඩයෙන් පසුව බොහෝ දෙනෙකු ඒ පිළිබඳව සකර්බර්ග්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔබ අනාගාමිකයෙකු නොවේද යනුවෙනි.

තමා පසුගිය කාලසීමාවේදී ඒ පිළිබඳව ප්‍රශ්න කළ බවත් ඒ අනුව තමන් ආගම වැදගත් ලෙස විශ්වාස කරන බවත් ඔහු පැවැසීය.

මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ඇමෙරිකාවේ ෆොකස් නිවුස් පුවත් සේවය සඳහන් කරන්නේ ඔහුගේ බිරිඳ බෞද්ධාගමිකයෙකු වීම හේතුවෙන් සකර්බර්ගේ වැඩි අවධානයක් බුද්ධාගම වෙත යොමුව ඇති බවයි.

එසේම සකර්බර්ග් 2015 වසරේ කළ චීන සංචාරයේදී ඔහු චීනයේ ෂියෑන් හි බෞද්ධ විහාරස්ථානයක ආගමික වතාවත් සඳහාද එක්ව තිබේ.

ඡායාරූප පහතින්..