FAST NEWS

24×7 Around the Globe

වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ලෙස ලේබල් ගසා ගත් සමාගමේ ඇත්ත නැත්ත මෙන්න…

 

වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් අද(03) දිනයේ කුලියාපිටියේදී ආරම්භ කරන බව කියූවද එහි ආරම්භ කිරීමට නියමිත ඇත්තේ යුරෝපානු මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් බව වාර්තා වේ.

එහි පුවරුවල දැක්වෙන්නේ ‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි’ යනුවෙන් වන අතර වෙස්ටන් ඔටෝමොබයිල් ඇසේම්බ්ලි යනු මෙරට සමාගමක් වන අතර ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙන්නේ ඩොලර් මිලියන 26.5 ආයෝජනයකිනි.

මෙහි අරමුණ වන්නේ වොක්ස්වාගන්, අවුඩි, රෙනෝල්ට් ඇතුළු යුරෝපීය වාන කොටස් ගෙන්වා එකලස් කිරීමයි.

මේ වන විටත් මයික්‍රො, AMW ආදී මෙරට සමාගම් විසින් වාහන කොටස් ගෙන්වා එකලස් කිරීමේ කාර්ය සිදු කරයි.

මෙම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වූ ගිවිසුමට ආයෝජන මණ්ඩලය සමග අත්සන් තබනු ලැබුවේ මෙරට වාහන ආනයන සමාගමක් වන සෙනොක් ඔටෝමොබයිල් සමාගමයි.

ලංකාවේ කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් වොක්ස්වාගන් නිල වෙබ් අඩවියේ (vw.com) හෝ නිල සමාජ ජාල ගිණුම්වල කිසිදු තොරතුරක් සදහන් නොවීමද විශේෂයකි.