FAST NEWS

24×7 Around the Globe

2017 ආණ්ඩුව පෙරළන කතාවට අගමැතිගෙන් මහින්දට පිළිතුරු…

 

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට කැමති දෙයක් කිරීමට නිදහස ඇති මුත් මෙරට අගමැති තමන් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැසීය.

2017 වසරේදී ආණ්ඩුව පෙරළා දමන බවට හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමට පිලිතුරු ලෙස අගමැතිවරයා මේ බව පවසා සිටියේය.

එසේම තමා එන සතියේ ස්විස්ටර්ලන්ත සංචාරයක නිරත වන කාලයේදී හිටපු ජනපතිට එවන් කටයුත්තක් කිරීමට උත්සාහ කළ හැකි යැයිද අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.