සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අද (02දා) දකුණු අප්රිකාවේදි ආරම්භ වීමට නියමිත අතර එම තරගයෙදී පිටියේ විනිසුරුවරයෙකු වශයෙන් අලීම් ඩාර් එක්වීමට නියමිතය.
අලීම් විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරන 332 වැනි ක්රිකට් තරගය මෙය වන අතර ඒ අනුව ලෝකයේ වැඩිම ක්රිකට් තරග ප්රමාණයකට විනිසුරුවරයෙකු ලෙස එක්වූ පුද්ගලයා ලෙස අලීම් ඉතිහාසයට එක්වේ.
මේ වන විට ඔහු තරග 331කට විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර දකුණු අප්රිකාවේ ආර්. ඊ. කෝට්සෙන් හා සම ස්ථානයේ පසුවෙයි.











