FAST NEWS

24×7 Around the Globe

ජනපතිට දෝෂාභියෝගයක් – මහින්දගේ සැගවුණ කතාව අසාද් සාලි හෙළි කරයි…

 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සූදානමක් ඇති බවට ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් මේ වසරේදී ආණ්ඩුව පෙරලා දමන්නේ යැයි ප්‍රකාශ කර ඇත්තේ ඒ අරමුණින් බව ඔහු පෙන්වා දුන් අතර බීබීසී සේවය සමග අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන 106ක්, ඒකාබද්ද විපක්‍ෂය ආසන 52ක්, දෙමල සන්ධානය ආසන 16ක් හා ජවිපෙ ආසන හයක් නියෝජනය කරන අතර ඒ සියල්ලේ එකතුව 180ක් වේ.

දෝෂාභියෝගයක් සම්මත කිරීම සදහා උවමනා ප‍්‍රමාණයට වඩා ආසන 30ක් එම එකතුවේ වන අතර එවන් අවස්ථාවක 25-30ක ප‍්‍රමාණයක් නොලැබීයාමේ ඉඩක්ද තිබේ.

හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් දන්වා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා ගෙන එනු ලබන ව්‍යවස්තා සංශෝධනයකට සහාය දෙන බවයි.

එසේම ජවිපෙද ප‍්‍රතිපත්තියක් ලෙස විධායක ජනාධිපති ධුරයට විරුද්ධය.