FAST NEWS

24×7 Around the Globe

සිවිල් ගුවන්සේවා අධිකාරිය බලෙන්ම සපත්තු තොගයක් නිමල්ගේ ඇගේ ගැසූ හේතුව මෙන්න…

 

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට පසුගියදා සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් විශාල සපත්තු තොගයක් බලෙන්ම ප්‍රදානය කොට ඇති බව වාර්තා වේ.

අදාළ සපත්තු තොගය පසුගිය ගංවතුර සමයේ අවතැන්වූවන්ට විවිධ ස්ථාන විලින් මුදල් සම්මාදන් කරමින් ලබාගත් ඒවා වූ අතර පරිපාලනයේ නොහැකියාව මත නිසි කලට ඒවා බෙදාහැරීමට නොහැකි වී තිබේ.

සපත්තු තොගය නාස්තිවී යාම තවත් ගැටළු රාශියකට හේතුවක් විය හැකි බැවින් අදාළ සපත්තු තොගය නිමල් සිරිපාල අමාත්‍යවරයාට බලෙන්ම ලබා දී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ බෙදාහරින ලෙසද දැනුම් දෙමිනි.

මේවා මුලින්ම නියෝජ්‍ය අමාත්‍යවරයාට කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවට ලබාදීමට යෝජනා වුණත් අධිකාරී පරිපාලනය පවසා ඇත්තේ කෙසේ හෝ සපත්තු තොගය අමාත්‍යවරයාටම ලබාදිය යුතු බවකි.

මෙපරිද්දෙන්ම හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නටද තෑගි බෝග රාශියක් ලබාදීමට අධිකාරිය කටයුතු කළ අතර අමාත්‍යවරයා මේ දක්වා අල්ලස් හා දූෂණ කොමිසමට කැඳවන්නේද ඒ හේතුවෙනි.

නමුත් අධිකාරී පරිපාලනය දැන් පවසන්නේ එකල අමාත්‍යවරයා විසින් එම බඩු භාණ්ඩ තර්ජනය කොට ලබාගත් බවකි.

එබැවින් නිමල් සිරිපාල අමාත්‍යවරයාද මෙවැනි සම්මාදන් බඩු භාණ්ඩ ගැනීමේදී අනාගතය ගැන සිතා පරිසම් විය යුතු බව අධිකාරී සේවකයින් පවසයි.