FAST NEWS

24×7 Around the Globe

2017 වසරේ ලෝකයේ භයානකම මිනිසා මෙන්න…

 

එළඹි 2017 වර්ෂයේ ලෝකයේ භයානකම මිනිසා ලෙස උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග් උන් නම් කර තිබේ.

ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන RAND ආයතනයේ ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයකු වන බෲස් බෙනට්ය, කිම් භයානකම මිනිසා ලෙස සැලකිය යුතු බව පවසා සිටී.

උතුරු කොරියානු නායකයා 2016 දී අධිබල මහාද්වීපික න්‍යෂ්ඨික මිසයිල දෙකක් අත්හදා බැලීය.

ඉන් සැප්තැම්බරයේ අත්හදා බැලූ මිසයිලය මෙතෙක් උතුරු කොරියාව මගින් අත්හදා බැලූ අති ප්‍රබල පිපුරුම් බලයකින් යුතු එකක් බව කියැවේ.

එය 1945 හිරෝෂිමා බෝම්බයට ආසන්න බලයක් ඇති එකක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අතර, අමෙරිකානු හමුදාවේ පැසිෆික් කලාපයේ අණදෙන නිලධාරි අද්මිරාල් හැරි හාරිස්ද පවසා සිටින්නේ නාහෙට නාහන කුකුල් කේන්තිකාරයකු ලෙස ප්‍රකට කිම් වැනි අයකු සතු න්‍යෂ්ඨික බලය කොයි මොහොතේ ලෝකයම පුපුරවා හැරීමට යොදාගනු ඇතිදැයි යන්න සැක සහිත බවයි.

ලෝකයේ දැනට න්‍යෂ්ඨික බලය අතින් රුසියාව අංක එකටද අමෙරිකාව අංක 2ටද සිටියි.

උතුරු කොරියාව සිටින්නේ 9 වැනි තැනටය.