FAST NEWS

24×7 Around the Globe

ගාලුමුවදොර ඉදිකළ නත්තල් ගස හෙටින් අවසන්…

 

කොළඹ ගාලුමුවදොර ඉදිකළ නත්තල් ගස මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබිම හෙට (01) අවසන් වේ.

අවසන් දිනයේදී එම නත්තල් ගස විවෘත කිරිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකිරිමට නියමිතව තිබේ.

කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදිකළ ලොව විශාලතම කෘත්‍රිම නත්තල් ගස පසුගිය 24 දා මධ්‍යම රාත්‍රියේ සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම සිදුවිය.

“සාමයේ සම්ප්‍රාප්තිය” නමින් හැඳින්වෙන මෙම නත්තල් ගසේ නිර්මාතෘ වන්නේ මහින්ද නානායක්‌කාරයි.

මෙම නත්තල් ගසේ උස අඩි 238 ක් වන අතර මෙය නිර්මාණය කිරීම සඳහා විදුලි බුබුළු ලක්‍ෂ 05 ක්‌ද, ෆයිනස්‌ ගෙඩි ලක්‍ෂ දහයකට අධික ප්‍රමාණයක්‌ද භාවිතා කර තිබේ.