FAST NEWS

24×7 Around the Globe

සහල් මාෆියාව පිටුපස ඉන්නේ කවුදැයි අජිත් පී. පෙරේරාගෙන් හෙළි කිරීමක්… (වීඩියෝ)

 

මෙරට තුල ක‍්‍රියාත්මක සහල් මාෆියාව පිටුපස ඉන්නේ පී. හැරිසන් ඇමතිවරයා නොව ජනාධිපතිගේ සොහොයුරෙකු විය හැකි බව රටම දන්නේ යැයි නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා සිරිකොතේදී මාධ්‍ය අමතමින් පැවසීය.

මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනක් විසින් වී මාෆියාවක්‌ ක්‍රියාත්මක කරවන බවද පැවසූ නියෝජ්‍ය ඇමතිවරයා එවැනි අයම මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ කරන බවද සදහන් කලේය.

‘සහෝදරය නොවෙයි කවුරු වුනත් වැරදිනම් වැරදියි. චෝදනා කරනව නම් චෝදනා ඔප්පු කරන්න ඕනෑ. එයාගෙ සහෝදරය කවුද කියන එක වැදගත් නෑ’ යැයිද ඔහු පැවසීය.

වීඩියෝව පහතින්..