FAST NEWS

24×7 Around the Globe

චීනයෙන් කුකුල් ට්‍රම්ප් එළියට… (ඡායාරූප)

 

පසුගිය දිනවල චීනය හා තායිවානය සම්බන්ධයෙන් සිදුකළ මතභේදයට තුඩු දුන් ප්‍රකාශ හේතුවෙන් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ බලධාරීන් අතර ආන්දෝලනයක් ඇති කළද, එරට ජනතාව අතර නම් ඔහු තවමත් ජනප්‍රිය චරිතයකි.

ජනවාරි 28 දින උදා වන නව චන්ද්‍ර වර්ෂය කුකුළා ගේ වර්ෂය ලෙස සැලකේ.

මෙම නව වසරේ සම්ප්‍රාප්තිය ඉතා කලාත්මක අයුරින් සැමරීමට චීන ජාතිකයෙකු කටයුතු කර තිබේ.

ඒ, ට්‍රම්ප් ගේ හිසකෙස් හා ඔහු දෑත් දිගුකරන ආකාරයට සමාන හැඩහුරුකම් ඇති කුකුළෙකු ෂැන්සි පළාතේ ටයියුවාන් හි සාප්පු සංකීර්ණයක ප්‍රදර්ශනය කිරීමෙනි.

මෙය, ට්‍රම්ප් චීනයේ කුරුල්ලෙකුට සමාන කෙරුණු පළමු වතාව නොවන අතර මීට කලින් ද චීනයේ හැන්ගග්සූ සත්ත්ව උද්‍යානයක සිටි පෙසන්ට් පක්ෂියෙකු ගේ හැඩරුව ට්‍රම්ප් හා සසඳා තිබුණි.

ඡායාරූප පහතින්..

චීනයේ එළිදුටු කුකුල් ට්‍රම්ප්

China1

china2