FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තය හමුවේ බංගලාදේශය දෙවැන්නත් ලකුණු 67 කින් පරාජය වෙයි..

සංචාරක බංගලාදේශ කණ්ඩායම සමග අද (29)  පැවති දෙවැනි එක්දින තරගය ලකුණු 67 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ අරාධනයෙක් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය  පන්දුවාර පනහ අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 251 ක් රැස් කිරීමට සමත් විය.

ජයග්‍රාහී ලකුණු 252 ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායමට  පන්දුවාර 42 ය පන්දු 04 කදී  සියළු දෙනා දැවී ලබා ගැනීමට සමත් වුයේ ලකුණු 184 ක් පමණි.

අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2- 0 ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව සිටියි.

මීලග තරගය දෙසැම්බර් 31 වැනිදා පැවැත්වීමට නියමීත වේ.