FAST NEWS

24×7 Around the Globe

හෂීම් අම්ලා දාව ගනිමින් නුවන් ප්‍රදීප් තැබූ වාර්තාව මෙන්න… (වීඩියෝ)

 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැනස්බර්ග් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ හතරවන දිනය අදයි.

ඊයේ(28) දිනයේ තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 351 ක් වේ.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 286 ක් රැස් කල අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 205 ක් පමණි.

දකුණු අප්‍රිකානු දෙවන ඉනිමේදී ලකුණු 48 ක් ලබා සිටි හෂීම් අම්ලා නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීගිය අතර එය ටෙස්ට්  ඉතිහාසයේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ක්‍රීඩකයෙකු දැවී ගිය දසදහස් වන අවස්ථාව ලෙස සැළකේ.

එම අවස්ථාව පහතින්..