FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 120 ක් ඉදිරියෙන්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ  දිවා ආහරයට තරගය අත්හිටුන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවි ලකුණු 39 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි.

ඒ අනුව ලකුණු 81ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකාව තවත් කඩුළු 10 ක් අතැතිව ලකුණු 120 ක් ඉදිරියෙන් සිටිමට සමත්ව ඇත.

දකුණු අප්‍රිකානු පළමු ඉනිමට ලකුණු 286ක් රැස්කල අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 205ක් රැස් කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ධනංජයද සිල්වා ලකුණු 43ක් රැස්කළේය අතර වර්නන් පිලැන්ඩර් කඩුලු පහක් දවා ගත්තේය.