FAST NEWS

24×7 Around the Globe

ගුවන් ගතවෙන්න යද්දී ගුවන් යානයකට වෙච්ච වැඩක්… (ඡායාරූප)

 

මගීන් 161 දෙනෙකු රැගෙන ගෝවා හී ඩබ්ලිම් ගුවන් තොටුපලෙන් ගුවන් ගත වීමට සැරසුනු ජෙට් එයාවේස් සමාගමට අයත් ගුවන් යානයක් අනතුරකට මුහුණ දී තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ අද(27) පෙරවරුවේ සිදුව ඇති මෙම අනතුර ගුවන් යානය ගුවන් පථයේදී ලිස්සා යෑම හේතුවෙන් ඇති වූවක් බවයි.

අනතුරෙන් යානයේ බඳ කොටස පොලවට පතිත වී ඇතිල්ලී ගොස් ඇති අතර ඒ හේතුවෙන් යානයේ සිටි මගීන් ඉවත් කර ගැනීමට ගුවන් යානයේ හදිසි දොරටුව භාවිතා කර තිබේ.

මගීන්ට බරපතල තුවාල නැතත් සුළු තුවාල සහ කම්පන තත්වයන් ඇති වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

මෙම යානය ඉන්දියාවේ මුම්බායි වෙත ගුවන් ගත වීමට සූදානම් වූ බොයිං 777 වර්ගයට අයත් එකක් වන අතර අනතුරට හේතුව සොයා විශේෂඥයින් පරීක්ෂණ සිදු කරන බවද වාර්තා වේ.

ඡායාරූප පහතින්..

jet-airways-skid_650x400_41482827238

jet-airways-skid_650x400_71482827280