2015 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර ඊයේ (06) තැපෑලට යොමු කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.
ඒ මහතා ප්‍රකාශ කළේ එම ප්‍රවේශ පත්‍ර ලැබුණු විගස පාසල් අයදුම්කරුවන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙන බවයි.







