FAST NEWS

24×7 Around the Globe

අ.පො.ස උ.පෙළ ප්‍රවේශ පත්‍ර තැපෑලට.

2015 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර ඊයේ (06) තැපෑලට යොමු කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

ඒ මහතා ප්‍රකාශ කළේ එම ප්‍රවේශ පත්‍ර ලැබුණු විගස පාසල් අයදුම්කරුවන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙන බවයි.