සනත් ජයසූරිය ප්රමුඛ ක්රිකට් තේරීම් කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.
ශ්රි ලංකා ක්රිකට් ආයතනයේ ජේෂ්ඨ නිළධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව මෙවර දකුණු අප්රිකානු සංචාරයට කිසිඳු තේරීම් කමිටු සාමාජිකයෙකු එක් නොවීමට ද තීරණය කර ඇත.
ශ්රි ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස සනත් ජයසූරිය කටයුතු කරන අතර එහි සෙසු සාමාජිකයින් වන්නේ රොමේෂ් කළුවිතාරණ, රංජිත් මදුරුසිංහ සහ එරික් උපශාන්ත යන අයයි.









