FAST NEWS

24×7 Around the Globe

සුප‍්‍රකට සංගීත කණ්ඩායමක් රුසියානු යානයත් සමග මරු තුරුළේ – යානයේ කොටස් හමුවූ හැටි මෙන්න…

 

කළු මුහුදට කඩා වැටුණු රුසියානු හමුදා ගුවන් යානයේ සිටි 64 දෙනෙකු සුප‍්‍රකට ඇලෙක්සැන්ඩ්‍රෝ හමුදා සංගීත කණ්ඩායමේ සාමාජිකයින් බව අනාවරණ වී තිබේ.

අද(25) සිදුවූ මෙම ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ මුළු සංඛ්‍යාව 92ක් වන අතර
ඒ අතරට මාධ්‍යවේදීන් 09 දෙනෙකුද ඇතුළත්ය.

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානය රුසියාවේ සිට සිරියාව බලා ගමන් කරමින් තිබුණි.

මාධ්‍ය වාර්තා කළේ යානය ගුවන් ගතවී විනාඩි දෙකකින් පසු ගුවන් යානය පිළිබද කිසිදු තොරතුරක් රේඩාර් පද්ධතියේ සටහන් වි නොමැති බවයි.

පසුව යානයේ සුන්බුන් සොයා ගැණුනේ කළු මුහුදේ වෙරළේ සිට කිලෝමිටර් එකහමාරක් පමණ දුරින් පිහිටි අඩි 230ක් ගැඹුරු මුහුදු ප‍්‍රදේශයේදීය.