FAST NEWS

24×7 Around the Globe

ගාලු මුවදොර ඇත්තේ ලෝකයේ උසම නත්තල් ගස නොවන බව හෙළි වෙයි..

කොළඹ ගාලු මුවදොර ඇත්තේ ලෝකයේ උසම නත්තල් ගස නොවන බව කතෝලික විභාවනය නම් සංවිධානයක් සඳහන් කරයි.

කොළඹ නත්තල් ගසේ උස මීටර් 114ක් ලෙස වාර්තා වන අතර වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එය අද ( 24) ප.ව 07.00 ට විවෘත කෙරිණි.

කෙසේවුවද එම සංවිධානය පවසන්නේ 2009 වසරේදී බ්‍රසීලයේදී ඉදිකර ඇති නත්තල් ගසක් ලෝකයේ උසම නත්තල් ගස ලෙස ගින්ස් පොතට එක්ව ඇති බවයි.

ගිනස් වාර්තා අනුව එහි උස ආසන්න වශයෙන් මීටර් 128ක් වන බවද එම සංවිධානය සඳහන් කරයි.